විදෙස්

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 ක් මරුට

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ බෝපාල් නගරයේ ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් බිළිඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවූ බවයි ගිනි නිවීම් අංශ සඳහන් කලේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම මියගිය බිළිඳුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසටද ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

නියමිත ප්‍රමිතීන්ට ඉදිකර නොමැති වීම හේතුවෙන් රෝහල් තුළ හටගන්නා ගිනිගැනීම් ඉන්දියාවේ සුලභ කරුණක් වනවා.

පසුගිය ඉරිදා දිනයේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක හටගත් ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

Related posts

පෝලන්තයේ නගරාධිපතිවරයෙකුට පහර දීමක්.

Mohamed Dilsad

ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment