දේශීය

2022 අයවැය හෙට පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දින 23ක් පුරා පැවැත්වෙන විවාදයකින් අනතුරුව දෙසැම්බර් මස 10 වනදා අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට පස්වරු 2ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මෙය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය කතාව වන අතර එය වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැයයි.

2022 වර්ෂය සඳහා වන වියදම් ඇතුළු විසර්ජන පනත් කෙටුම්පත ඉකුත් මස 07 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

හෙට දින මුදල් අමාත්‍යවරයා අයවැය දෙවන වර කියවීමෙන් පසු නොවැම්බර් මස 13 වන සෙනසුරාදා සිට 22 වන සඳුදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 22 වන සඳුදා පස්වරු 5.00 ටය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවනවර කියවීම එළඹෙන නොවැම්බර් මස 23 වනදා ආරම්භවන අතර එතැන් සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා සෙනසුරාදා දිනද ඇතුළුව දින 16ක කාලයක් එය විවාද කෙරේ.

අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පස්වරු 5ට පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සඳහා වන අතර එය රුපියල් බිලියන 373කි.

Related posts

හෙට සුරාසැල් ඇරලා

Mohamed Dilsad

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ 8 ක ජනතාවට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 7000කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment