දේශීය

අයවැයට අනුව මත්පැන් බදු ගණන් ඉහළට

(UTV | කොළඹ) – 2022 අයවැය යෝජනාවලිය අනුව වැඩි කරන ලද සුරා බදු අගයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය විශේෂ අරක්කු ලීටරයක් සඳහා අය කෙරෙන නිෂ්පාදන බද්ද රුපියල් 4180 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එය ලීටරයකට රුපියල් 380 ක බදු වැඩි කිරීමක්.

දේශීය නිෂ්පාදිත පොල් අරක්කු ලීටරයක් සඳහා වන බද්ද සංශෝධනය කර ඇත්තේ රුපියල් 4460 ක් ලෙසයි.

එහි බදු ඉහළ දැමීම ලීටරයකට රුපියල් 410 ක්.

මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 4570 ක බද්දක් අය කෙරෙනු ඇති.

එනම් ලීටරයකට රුපියල් 420 ක බදු ඉහළල දැමීමක් වනවා.

සැර සියයට 05 ට අඩු මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 3300 දක්වාද සැර සියයට 05 ට වැඩි මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 3450 දක්වාද ඉහළ දමා තිබෙනවා.

රා හැර අනෙකුත් ශාඛ නිෂ්පාදිත මත්පැන් ලීටරයක් සඳහා අය කෙරෙන බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 3300 ක් ලෙසයි.

එහි බදු වැඩි කර ඇත්තේ ලීටරයකට රුපියල් 100 කිනුයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙම සංශෝධිත බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනවා.

Related posts

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් චීනයෙන්

Mohamed Dilsad

නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ 8563 කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment