දේශීය

සිරිල් ගාමිණි පියතුමා අදත් CIDයට

(UTV | කොළඹ) – විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇතැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ගරු සිරිල් ගාමිණි පියතුමන්ගෙන් ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පියතුමන්ව අද උදෑසනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට ගරු සිරිල් ගාමිණි පියතුමන් ඉකුත් ඔක්තෝබර් 23 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදි ප්‍රකාශයක් කර තිබුණි.

පසුව එම ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක ගොනුකළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීමට පියතුමන් කැඳවුවද පියතුමන් එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ.

අනතුරුව ගරු සිරිල් ගාමිණි පියතුමන් තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම අවස්ථාවේ පියතුමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නොමැති බවය.

Related posts

අඩු මිලට අරක්කු දෙන විදිය ගැන කර්මාන්ත ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජයට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය

Mohamed Dilsad

Leave a Comment