ගොසිප්

නැවතත් දැඩි සීමා..

(UTV | කොළඹ) – කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ මොහොතේ රෝගීන් සංඛ්‍යාව අඩු නොකළහොත් මරණ සංඛ්‍යාව අඩු වක් තවදුරටත් බලාපොරොත්තු විය නොහැකි බවයි.

අද මියයන කොරෝනා රෝගීන් අතර බොහෝ දෙනකු මීට සති කිහිපයකට පෙර රෝගාතුරවී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අය බව ද ඔහු පැවසීය.

රට විවෘත කර ඇති මොහොතේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දැඩිව අනුගත වන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

Related posts

නාවික සෙබළුන් රැසක් එකවර ආසාදිත වීමට හේතුව

Mohamed Dilsad

ගෝටාට කෙලවුනේ ගත්තේ නාමල් කියපු දේවල් කරලා..

Mohamed Dilsad

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

Leave a Comment