දේශීය

පළාත් කිහිපයකට අද දිනයේ දී වැසි වාර කීපයක්

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ දී වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් අද (20) සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

බත්තරමුල්ලේ බන්ටිගේ ගෝලයින් සිව් දෙනෙක් දැලේ

Mohamed Dilsad

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment