දේශීය

ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර

(UTV | කොළඹ) – වී – බඩඉරිගු – එළවලු ඇතුලු අත්‍යාවශ්‍ය කෘෂි භෝග සදහා අවශ්‍ය කෘෂි රසායන නැවතත් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මහකන්නයේ වගා අවශ්‍යතාව සහ පසුගිය සති කිහිපයේ වර්ෂාවෙන් එල්ලවූ බලපෑම සැළකිල්ලට ගෙන කෘෂි රසායන කඩිනමින් ආනයනය කර ගොවීන් අතට පත්කිරීමට සැළසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා කියා සිටියේ.

මේ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව වගා බිම් වෙත අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් කෘෂි රසායන ලබාදීම සිදුකරන බවද ලේකම්වරයා සදහන් කළා.

තේ – පොල් – රබර් සදහා අවශ්‍ය කෘෂි රසායන ආනයනය සදහා මේ වනවිටත් බලපත්‍ර ලබා දී ඇත.

ඉදිරි සති දෙක ඇතුළත ගොවීන් වෙත කෘෂි රසායන බෙදාහැරීමට අපේක්ෂා කරන බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්යය උදිත් ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Related posts

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

Mohamed Dilsad

යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට

Mohamed Dilsad

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment