දේශීය

කින්නියා, කුරිඤ්ඤංකේනි හිදී පාරුවක් පෙරළී 06 දෙනෙකු මරුට [UPDATE]

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය කින්නියා කුරින්ඥන්කේනි කලපුවේ ගමන් කරමින් තිබූ හිදී පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පිරිසක් අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය අය අතර පාසළ ළමුන් කිහිප දෙනෙකුද වන බව පොලිසිය සඳහන් කළා.

එම මළ සිරුරු කින්නියා රෝහලේ තැන්පත් කර තිබෙනවා.

නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් විසින් අතුරුදන්වූවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාවට නංවා තිබෙනවා.

Related posts

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

Mohamed Dilsad

මාලු මිල අහසට

Editor O

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාව නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment