දේශීය

ග්ලයිෆොසේට් ගැසට්ටුව නිසා පළිබොධනාශක රෙජිස්ටාර්ට තනතුර අහිමි වෙයි

(UTV | කොළඹ) – පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර, ඊයේ (22) රාත්‍රියේ නිකුත් කළ ග්ලයිෆොසේට් සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය තහනම ඉවත් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් සඳහන් කළේ
තමා තනතුරෙන් ඉවත් කළ බවක් පිළිබදව මෙතෙක් දැනුවත් වී නොමැති බව පැවසූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, අද පස්වරුවේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වැඩිදුරටත් කියා සිටියා.

Related posts

ඔක්. 01 රට විවෘත කරන්න සැළසුම්

Mohamed Dilsad

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

තවත් PCR පරීක්ෂණ 1254 ක් මෙරටදී

Mohamed Dilsad

Leave a Comment