දේශීය

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පත් කළ කමිටුව අද (24) රැස්වීමට නියමිතයි.

මේ අතර, පාලම් පාරුවේ හිමිකරුවන් ලෙස සැලකෙන පුද්ගලයින් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි කින්නියා පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී දරුවන් ඇතුළු හයදෙනෙකු මියයෑමත් සමග ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

Related posts

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිකුත් කල නිල ඇඳුම් තිළිණපත් කාලය දිගු කරයි

Mohamed Dilsad

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

Mohamed Dilsad

රාජ්‍ය ආයතන වෙත අද අලුත්ම චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment