දේශීය

කින්නියා පාලම් පාරු අනතුරට කින්නියා නගරාධිපති පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පුද්ගලයන් 06 දෙනෙකුට මරු කැඳවමින් තවත් 20 දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුවූ කින්නියා හිදී සිදුවූ පාලම් පාරු අනතුරට අදාළව කින්නියා නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු මේ වනවිට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බවයි.

මේ අතර කින්නියා කුරින්ඥන්කේනි පාලම මාස 09 ක් ඇතුලත ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතායි මේ බව සඳහන් කළේ.

 

Related posts

ජනපති හදිසියේ තවත් රාජ්‍ය ආයතනයකට යයි

Mohamed Dilsad

අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

එළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළට

Editor O

Leave a Comment