දේශීය

රටවල් 6කට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක්

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. මේ වන විට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ලෙසෝතෝ, නැම්බියා යන රටවලින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.

එසේම එම රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් දින 14ක නිරෝධායනයකට ලක්විය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

දිස්ත්‍රික්ක 5 ක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න එපා – මැතිවරණ කොමසාරිස් ජනරාල්.

Editor O

පොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කර ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment