දේශීය

ගෆූර් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

(UTV | කොළඹ) –  කොළඹ, කොටුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, බාරොන් ජයතිලක මාවතේ අලුත්වැඩියා කරමින් පවතින ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් ඔහු ඇඳ වැටී ඇති බවයි.

නාවික හමුදා ඉංජිනේරු බලකාය මගින් මෙම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

පොලීසිය සඳහන් කළේ, බරපතල තුවාල ලැබූ නාවික හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ, 34 හැවිරිදි කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් සමඟ බීජිං සිට ගුවන් යානා 2 ක් හෙට දිවයිනට

Mohamed Dilsad

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ තොරතුරු

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment