Trending News

ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතය කෘතීමව පාලනය කරයි

(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයට අර්බුද කිහිපයකට මුහුණ දීමට සිදු විය.

ඉන් ප්‍රධාන වූයේ විදේශ විනිමය අර්බූදයයි.

සංචාරක ව්‍යාපාරය ඇනහිටීම, විදේශ ආයෝජන අඩුවීම, විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් ප්‍රමාණය අඩුවීම ආදිය නිසා මෙම තත්ත්වය ඇති විය.

මෙම වසර සදහා ගෙවිය යුතු විදේශ ණය වාරික හා පොලී ගෙවීමත් සමඟ රටේ විදේශ සංචිත සැලකිය යුතු ලෙස පහත වැටීම ද මෙයට හේතු විය.

ඒ සමගම රුපියලේ අගය ද අවප්‍රමාණය වූ අතර අද වන විට ඩොලරයක වටිනාකම රු 201 ක් පමණ වේ.

තමන් සතු නීත්‍යානුකූල බලතල භාවිතා කරමින් මහ බැංකුව ඩොලරයේ අගය මේ මට්ටමින් පවත්වාගැනීම සිදු කරයි.

ඒ සදහා මහා බැංකුවට වාණිජ බැංකු වෙත නියෝග ලබා දිය හැකි අතර, ආනයනකරුවන්, අපනයනකරුවන්, සහ ආයෝජකයින් හේතුවෙන් විනිමය අනුපාතිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා මහ බැංකුව විසින් විශේෂ නීති හඳුන්වා දී ඇත.

වාණිජ බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම, ඩොලර් ලැබීම්, රුපියල් බවට පරිවර්තනය කිරීම වේගවත් කිරීමේ නීති රීති ආදිය පැනවීම ඔවුන් අනුගමනය කල උපක්‍රම අතර වේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

வெளிநாட்டு பிரஜை ஒருவர் கைது

Mohamed Dilsad

Toronto to finance Jaffna development

Mohamed Dilsad

Bangladesh building blaze toll increases to 25

Mohamed Dilsad

Leave a Comment