දේශීය

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට පියවර

(UTV | කොළඹ) – වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණි.

ඒ යටතේ, රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

එහි මෙට්‍රික් ටොන් එකක මිල දැක්වෙන්නේ අමෙරිකන් ඩොලර් 460ක් ලෙසය.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලබන මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

රිමාන්ඩ් බන්ධනාගාරයේ වළලා තිබූ ජංගම දුරකතන 19 ක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment