ගොසිප්

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

දැනට ඇදහැලෙන වර්ෂාව නිසා විදුලිබලය අඛණ්ඩ සැපයීමට හැකි ව ඇති නමුත් සති කිහිපයක් වර්ෂාව නැවතුනහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

එසේ වුවහොත් පෞද්ගලික විදුලි උත්පාදනය ක‍්‍රියාත්මක කිරීමට ඉන්ධන අර්බුදය හේතුවෙන් නොහැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම පෞද්ගලික තාප විදුලි බලාගාරවලින් ද දැවිතෙල් ප්‍රශ්ණය හේතුවෙන් විදුලිය නිපදවීමට හැකියාවක් නැති වනු ඇති බවද ඒ මහතා කියයි.

නොරොච්චෝල බලාගාරය ගල් අගුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම නිසා එම බලාගාරයේද විදුලි නිෂ්පාදනය අහිමි වනු ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ බලශක්ති අමාත්‍යාංශය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

Related posts

කොරෝනා නැතිකරන්න දැන්වත් මට අවස්ථාවක් දෙන්න

Mohamed Dilsad

“නැවත පුහුණුකරු වීමට නම් හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා කළ යුතුයි” – හරින් ප්‍රනාන්දු

Mohamed Dilsad

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment