දේශීය

ශ්‍රීපාද වන්දනාවටත් එන්නත් කාඩ්පත

(UTV | කොළඹ) – මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ (30) පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි වනු ඇති බවයි.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා ක්‍රියාත්මක වනවා.

එම කාලය තුළ ජාති ආගම් කුල බේදයකින් තොරව දෙස් විදෙස් බැතිමතුන් විශාල ලෙස ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ආකාරය සාමාන්‍යයෙන් සෑ ම වසරක ම දැකගත හැකියි.

Related posts

රවීට සහ අර්ජුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

Mohamed Dilsad

මෙරට තවත් PCR පරීක්ෂණ 1300 ක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ විනය කමිටුව ලබන මසට කල් යයි

Mohamed Dilsad

Leave a Comment