දේශීය

ලෝක ඒඩ්ස් දිනය අද : ලංකාවෙන් වැඩිවීමක්

(UTV | කොළඹ) – මානව ප්‍රතිශක්ති ඌණතා ආසාදන රෝගය හෙවත් ඒඩ්ස් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි.

ලොව පුරා ඒඩ්ස් රෝගීන් මිලියන 38ක් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ශ්‍රී ලංකාවේ ද ඒඩ්ස් රෝගීන් 3,700 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම වසරේදී දිවයිනෙන් වාර්තා වූ නව රෝගීන් ගණන 495ක් වනවා.

එය පසුගිය වසරේ දී හමුවූ රෝගීන් ගණනට වඩා රෝගීන් 132ක වැඩි වීමක් වන අතර පසුගිය වසරේදී මෙරටින් හමුවූ රෝගීන් ගණන 363ක්.

මේ අතර එච්.අයි.වී. වෛරසය ආසාදනය වී නොමැති එහෙත් අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයින්ට ඒ සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමට සූදානම් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියා සිටියේ, වෛරසය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ දත්තවලට අනුව මෙරට එච්.අයි.වී. ආසාදිතයින් 3700ක් පමණ සිටිනවා.

එහෙත් ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ 2600ක පමණ පිරිසක් පමණයි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම සංඛ්‍යාව ද පහත වැටී ඇති අතර මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 363ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඊට පිළියමක් ලෙස ස්වයං එච්.අයි.වී. පරීක්ෂණ කට්ටල නොමිළේ ලබාදීමට ද වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියා සිටියේ.

Related posts

ජනපති සහ ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ජනාධිපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

දහම් පාසල් විවෘත කිරීමට සැළසුම්

Mohamed Dilsad

Leave a Comment