දේශීය

ලබන මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

(UTV | කොළඹ) – පෞද්ගලික බස්රථ පාසල් සේවා ගාස්තු සීයට විස්සකින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා පෞද්ගලික සංගමය නිවේදනය කරයි.

ඉන්ධන මිල ඉහළ යාම, වාහන නඩත්තු කටයුතුවල මිල ඉහළ යාම හා අමතර කොටස්වල මිල ඉහළ යාම වැනි ආර්ථික ගැටලු හමුවේ මෙම තීරණයට එළැඹුණු බවත් ගාස්තු වැඩි වීමේ උපරිමය දුර ප්‍රමාණ අනුව රුපියල් පන්සීයක් වන බවත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක එම්. සුසිල් ප්‍රේමරත්න මහතා පැවැසීය.

මෙම වැඩි කළ ගාස්තු අයකිරීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන බව පැවසීය.

Related posts

අටුළුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි

Mohamed Dilsad

තොරතුරු කොමිෂමට සභාපතිවරයෙක් පත් කරයි

Editor O

නීතිවිරෝධීව වාහන අමතර කොටස් ගෙන්වුවොත් වෙන දේ

Mohamed Dilsad

Leave a Comment