දේශීය

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

(UTV | කොළඹ) – පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට රැගෙන ඒමෙන් පසු ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරුණා.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (07) අළුයම දෙකට පමණ ඒ මහතාගේ ගනේමුල්ල කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබද අවසන් කටයුතු ගනේමුල්ල වැලිපිල්ලෑව සුසාන භූමියේ දී හෙට සිදු කිරීමට නියමිතයි.

Related posts

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

Mohamed Dilsad

රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වෙනත් අංශයකට

Mohamed Dilsad

‍දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය හෙට ඉවතට

Mohamed Dilsad

Leave a Comment