දේශීය

මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි ලිට්රෝ සමාගමට නියෝග

(UTV | කොළඹ) – නිවාස හා වෙලෙදසැල් සදහා බෙදා හැර ඇති මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ සමාගමට නියෝග කර තිබේ.

දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදා ඇති ගෑස් සිලින්ඩර් මෙලෙස යළි කැඳවෙයි.

එනම් නිල් පැහැති මුද්‍රාව ඇති ගෑස් සිලින්ඩර වේ.

එම නියමය අනුව දැනට නිවෙස්වල සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති භාවිත නොකළ පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත්කළ යුතුය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට නියෝග කර ඇත්තේ දැනට වෙළෙඳපොළට නිකුත්කර ඇති ,පෙර යොදාගත් ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන ලෙසය.

Related posts

ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

Mohamed Dilsad

දිනක වැටුප පරිත්‍යාග කිරීම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන් ට මේ වසරේ වැටුප් වැඩි කරන්නේ නැහැ. – ජනාධිපති

Editor O

Leave a Comment