දේශීය

පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම කරුණ අද (09) මෝසමක් මාර්ගයෙන් මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂික සමරනායක මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා හමුවීම සඳහා ඉකුත් 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ද එහි පොලිස් අධිකාරී මෙරිල් ළමාහේවා මහතා විසින් නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව නුදුන් බවය.

එම කරුණ සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සැකකරුවන්ගේ හා නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි අදාළ නීතිඥවරුන්ට එම සැකකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 16 වැනිදා කැඳවීමට ද නියම වුණි.

Related posts

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

Mohamed Dilsad

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.

Editor O

කුරුණෑගල සහ කුලියාපිටියේ තවදුරටත් හුදෙකලා වන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment