දේශීය

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරුවලින් තවුෆීක්’ව ඉවත් කරයි

(UTV | කොළඹ) – අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක් දැරූ තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

ඊට අමතරව ඔහුව උත්තරීතර මණ්ඩලයෙන්ද ඉවත් කර ඇති බවයි එම පක්ෂයේ මහලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ.

එමෙන්ම මන්ත්‍රීවරයාට එරෙහිව මුස්ලිම් කොංග්‍රසය විසින් විනය පරීක්ෂණයක්ද සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුගේ පක්ෂ තනතුරු අත්හිටුවීමට ද මීට පෙර කටයුතු කෙරුණා.

Related posts

ජනපති රනිල් බොරු කියනවා

Mohamed Dilsad

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Mohamed Dilsad

කොට්ටහච්චිගේ වරප්‍රසාද කඩවෙලා

Editor O

Leave a Comment