දේශීය

පොඩි ලැසී ගැන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ) – මේ මස (15) වැනිදා රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාල කල්ලි නායක “පොඩි ලැසී” නැමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ තම ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දීය.

ඉන්පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණි.ඒ අනුව අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරුණි.

Related posts

ශ්‍රී ලංකා ජනාධිපතිගෙන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක්

Editor O

නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ක්‍රියාමාර්ග කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment