දේශීය

දුම්රිය නියාමකයන්ද අද 12 සිට වර්ජනයේ

(UTV | කොළඹ) – අද දහවල් 12 සිට ආරම්භ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව නැවත දැනුම්දෙනතුරු සියලුම දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ද පවසනවා.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සංගම් ඒකාබද්ධවයි අද දහවල් 12 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් දහවල් 12 වනවිට ධාවනය වෙමින් ඇති දුම්රියන් ගමනාන්තය දක්වා පැමිණෙන බවත් නව ගමන්වාර කිසිවක් ධාවනය නොවන බවත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් මහතා කියා සිටියා.

මේ අතර බලවේග කට්ටල දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය ද තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියාසිටියේ ගැටලු කිහිපයකට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් බළධාරීන් සමග කල සාකච්ඡා අසාර්ථක වීම ඊට හේතුව බවයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාවට නංවා තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග ඊයේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්.

Related posts

විවෘත විශ්ව විද්‍යාල නීති උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

අද දිනය තුළ ආසාදිතයින් 762 දක්වා ඉහළට

Mohamed Dilsad

පොලීසියේ පිරිස් බලය වැඩි කිරීමට 10,000 ක් බදවා ගැනේ

Mohamed Dilsad

Leave a Comment