දේශීය

“ආසියාවේ රැජිණ” ට චීනයෙන් මෙන්ම ඇමරිකාවෙන් ද දැඩි ඉල්ලුමක්

(UTV | කොළඹ) – “ආසියාවේ රැජිණ” ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය තුළදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුවකින් ඩුබායි හිදී වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතින බව එම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා සඳහන් කරයි.

පසුගියදා බලංගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කියන තනි නිල් මැණික අඩි 2කට වඩා උසකින් සහ අඩි 2 කට වඩා පළලකින් යුක්ත වන අතර එහි බර කැරට් 15 ලක්ෂ 50,000 ක් බවත් (කිලෝ 310 කි) මෙම මැණික කොරෝඩෝ පවුලට අයත් නිල් ගෙව්ඩවලින් තනි ගලකින් නිර්මාණය වී ඇතැයිද සඳහන්.

ඩුබායිහි බෝරා සමාගමක් මෙම වෙන්දේසියට මුල් වී කටයුතු කරන අතර ඒ සඳහා මැණික ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක ගෙවීමක් තමන් වෙත මූලික වශයෙන් ලබාදීමට ද එම සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් මේ වන විට සකස් කරගෙන යන ඔහු පැවසීය.

මැණික මිලදී ගැනීම සඳහා චීනයෙන් මෙන්ම ඇමරිකාවෙන් ද දැඩි ඉල්ලුමක් පවතින අතර සුම් තාක්ෂණය ඔස්සේ එම රටවල නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවේදී පැහැදිලි වූ බවත් චමීර සුරංග මහතා පැවසීය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප

Editor O

සජබ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක්

Mohamed Dilsad

අයිස් හා නීතිවිරෝධී රථයක් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment