දේශීය

රතුපස්වල නඩුව ගම්පහ මහාධිකරණයේ විභාගයට

(UTV | කොළඹ) – රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණා.

එහිදී සිද්ධිය සිදුවූ 2013 වසරේ දී ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නිලන්ත පෙරේරා සාක්ෂි ලබාදුන් අතර, ඔහු කියා සිටියේ ඒ මොහොතේ වැලිවේරිය නගරයේ ක්‍රියාත්මක වූ උද්ඝෝෂණය අසලට බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරීන් කණ්ඩායමක් පැමිණි බවයි.

මිනිත්තු 10ක් තුළ උද්ඝෝෂකයින්ට ඉවත් වන ලෙස දන්වා ඔහු අසල තිබූ ඉන්ධනහල වෙත ගිය බවත්, පසුව ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගෙන ආවේගශීලිව උද්ඝෝෂකයින් අතරට පැමිණ විරෝධතාකරුවෙකුට පහරදීමට තැත්කළ අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් මතු වූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

2013 වසරේ අගෝස්තු 01 වැනි දා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ද ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

සාක්ෂිකරු මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ, හමුදා නිලධාරීන් එම ස්ථානයේ සිටි පිරිසට පොලුවලින්ද පහර දුන් බවයි.

පසුව තමන් ඇති වූ බිය හේතුවෙන් එම ස්ථානයෙන් පළා ගිය බවද සාක්ෂි ලබාදෙමින් එවක ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නිලන්ත පෙරේරා පැවසුවා.

වැඩිදුර නඩු විභාගය අද සිදුවනවා.

Related posts

පොලිස් නිලධාරීන් යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම හෙට සිට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment