දේශීය

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

(UTV | කොළඹ) – යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවිය හැකිබව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අවසන්වරට මෙරටතුල කිරිපිටි මිල ඉහළ දැමීමෙන් පසුව මේ දක්වා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

මෙරට තුළ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව කිරිපිටි ආනයනකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් දැනට පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් අශෝක බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

Related posts

දකුණු අප්‍රිකා කොවිඩ්-19 නව ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Mohamed Dilsad

කප්පම් කල්ලියක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද සිට අළුයම් කාලයේ දී උල්කා වර්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment