දේශීය

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

(UTV | කොළඹ) – පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයක් පයාගල මුහුදු වෙරළ තීරයට හදිසි ගොඩ බැස්වීමක් සිදු කර ඇතැයි ගුවන් හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මීට පැය එකහාමාරකට පමණ පෙර මෙම හදිසි ගොඩබැස්වීම සිදු කර ඇති බව ය.

එම අවස්ථාවේදී යානයේ උපදේශක ගුවන් නියමුවෙකු සහ පුහුණු නියමුවෙකු සිට ඇති අතර සිද්ධියෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැති බව විජේසිංහ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට එම ස්ථානයට ගුවන් හමුදාවේ කණ්ඩායමක් යවා ඇති බව ය.

Related posts

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

Mohamed Dilsad

රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඩොලර් මිලියන 25 ක ණයක්

Mohamed Dilsad

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment