දේශීය

කුකුළු මස් සහ බිත්තර මිලත් ඉහළට

(UTV | කොළඹ) – බිත්තර මිල වැඩිවීම නවතී රජය විසින් බඩඉරිඟු ආනයනික බදු ඉවත් කිරීම හේතුවෙන් බිත්තර මිල තවදුරටත් ඉහළ නොදමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්තනායක පැවසීය.

ඒ හේතුවෙන් බිත්තරවල නිෂ්පාදන වියදම අඩුවී ඇති බවත්, මේ දිනවල බිත්තරයක තොග මිල රුපියල් 23.50ක් බවත් හෙතෙම කීවේය.

තවද, කුකුළු මස් මිලද රුපියල් 50කින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කීවේය.

කෙසේ නමුත්, මේ දිනවල වෙළෙඳපොලේ බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 26 – 30ත් අතර මිලකට වන අතර, කුකුළු මස් කිලෝවක් රුපියල් 800 – 900ත් අතර මිලකට අලෙවි කෙරේ.

Related posts

ඔලිව් තෙල් මිල ඉහළයාමේ අවදානමක්

Mohamed Dilsad

ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

අධිවේගී මාර්ග සඳහා විශේෂ කාර්යය බලකාය යොදවයි

Editor O

Leave a Comment