දේශීය

මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය නත්තලේ පණිවුඩයයි

(UTV | කොළඹ) – ලොවට පහළ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ, ආදරය, කරුණාව, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.

එමෙන්ම මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය උතුම් නත්තලේ පණිවුඩය වන බවයි.

රටේ ජනතාව දිළිඳුකමින් මුදාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට මෙම නත්තලේ සියලු දෙනා අදිටන් කරගත යුතු බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා මහමැදුරටත් , දුගී පැලටත් නත්තලේ සතුට එකලෙස බෙදාදිය යුතු බව ද සඳහන් කළේ ය.

Related posts

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

Mohamed Dilsad

ෆයිසර් 608,000ක් අද අලුයම දිවයිනට

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපන්නු

Mohamed Dilsad

Leave a Comment