විදෙස්

ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වෙයි

(UTV |  ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි නිවාසයක සිටි 80 හැවිරිදි පුද්ගලයෙකුයි.

ඔහු මීට පෙර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02 ක් ලබා සිටි අයෙකු බව නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කිව් ආර් කේත භාවිත කිරීම අද සිට නැවතත් අනිවාර්ය වනවා.

ඒ අනුව සිල්ලර වෙළඳසැල් ආදී ස්ථාන වෙත ඇතුලුවීමේදී එය අනිවාර්ය බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කලේ.

Related posts

සාගතයක් අත ළඟ – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

යුක්‍රේනයත් ලොක්ඩවුන් කරයි

Mohamed Dilsad

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

Mohamed Dilsad

Leave a Comment