දේශීය

ඔමික්‍රෝන් ආසාධිතයින් හොයන විශේෂ පරීක්ෂණයක් හෙට

(UTV | කොළඹ) –  ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම ඇතුලු කරුණු කිහිපයක් සදහා සිදුකෙරෙන තවත් විශේෂ පරීක්ෂණයක් හෙට දිනයේදී ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.

විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කළේ ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 100කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවයි.

මෙම පරීක්ෂණය සෑම සතියකම අගහරුවාදා දිනය ආශ්‍රිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජිවන්දර මහතා සඳහන් කලා.

කොරෝනා වෛරසයේ යම් වෙනස්වීම් සිදුව ඇද්දැයි පරීක්ෂා කිරීමද මෙහි තවත් අරමුණක් වනවා.

Related posts

නාලක සිල්වා අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

මිරිහානේ ප්‍රදේශ කීපයක් සම්පූර්ණයෙන් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment