දේශීය

UPDATE – කටානට බැස්වූ යානයේ ගමන් කල 04 ම මීගමුව රෝහලට

(UTV | කොළඹ) – කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙළකට හදිසියේ ගොඩබස්වන ලද සැහැල්ලු ගුවන් යානයේ ගමන් කල 04 දෙනාම සුලු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යානයේ නියමුවා – නියමුවරිය සහ විදේශීය සංචාරක යුවළක් ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස රත්මලානේ සිට සීගිරිය දක්වා ගොස් නැවත කොග්ගල දක්වා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණා.

සෙස්නා 172 වර්ගයට අයත් පුද්ගලික සැහැල්ලු ගුවන් යානයකුයි මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇත්තේ.

පසුගිය සතියේදී පයාගල වෙරළ තීරයට හදිසියෙ ගොඩබස්වන ලද සැහැල්ලු ගුවන් යානය අයත් සමාගමටම මෙම යානයද අයත්වනවා.

අද සිද්ධිය වාර්තාවූ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත්කර යවා ඇති බවද ගුවන් හමුදාව සඳහන් කළා.

Related posts

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාට ඡන්දය දෙන්න – හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන්

Editor O

Leave a Comment