දේශීය

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලබා දී තිබේ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය මාර්ග උපදේශවලට මෙම සංගීත ප්‍රසංග සංවිධානය කළ යුතු වෙයි. ඒ සඳහා කාල රාමුද නිකුත් කර තිබේ. මේ අනුව සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වාත් එසේ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

Related posts

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල තානාපති කාර්යාලවල සේවය කරන, යළි මෙරටට කැඳවන නිලධාරී නාම ලේඛනය

Editor O

මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක්

Mohamed Dilsad

Leave a Comment