දේශීය

ෆයිසර් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලිය සදහා තෙවන මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,770 ක් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් 12/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

කිලෝ ග්රැම් 4,485 ක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 137 ක අසුරා මුලින්ම ඇමෙරිකාවේ සිට ගුවන් මගින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර වෙත ගෙන ආ අතර , එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනැවිත් තිබේ .

ඊට පසුව ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් 12/28 දින අලුයම 12.29 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

සෙල්සියස් ඍණ අංශක අසූවක (-80 C°) උෂ්ණත්වයක් යටතේ මෙම එන්නත් තොගය සුරැකිව තබා ගත යුතු අතර , කටුනායක ගුවන් තොටුපළේ දී ත් , ගුවන් යානා තුළ දීත් එම උෂ්ණත්වය යටතේ , මෙම එන්නත් තොගය පවත්වා ගෙන ගොස් තිබුණි .

පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

Related posts

සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයි

Mohamed Dilsad

සම්පායෝගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

දේශීය පොහොර සමාගම් 02 කින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment