දේශීය

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

(UTV | කොළඹ) – අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදුකරන සේවාවන් මහජනතාවට සමීප කරවීම සඳහා විශේෂ ජංගම සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එය සියලු පළාත් ආවරණය වන පරිදි සිදුකිරීම සැලසුමයි.

උතුර පළාත මූලික කරගනිමින් එම කටයුතු ජනවාරි 28 ආරම්භ වන අතර, මෙහිදී පොදු ජනතාවට බලපාන නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙන්ම සංහිඳියාව පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීමද සිදුවනවා.

මත්ද්‍රව්‍ය භාවිත ගැටළු සහ ඉඩම් ගැටළු සම්බන්ධයෙන්ද ජංගම සේවාව මගින් පහසුකම් සැපයෙන අතර, රැකියා ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම්ද ඊට ඇතුළත් වීම විශේෂත්වයක්.

Related posts

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 දා විවාදයට

Editor O

2021 සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Mohamed Dilsad

චීනයෙන්, ඇමෙරිකාවට සීයයට 34% ක අමතර තීරු බද්දක්

Editor O

Leave a Comment