දේශීය

අසභ්‍ය ප්‍රකාශන තහනම් කියපු ගැසට් නිවේදනය ආපසු හරවයි

(UTV | කොළඹ) – අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 24 වනදා ප්‍රකාශයට පත්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශව පසුගිය කාලයේදී විවිධ අදහස් පළකර තිබුණා.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම සඳහාවන නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණ කරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳ විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවයි ඇතැම් පාර්ෂව පෙන්වා දී තිබුනේ.

එම කරුණු සැළකිල්ලට ගනිමින් සංශෝධිත පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් එතෙක් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍ය අලි සබ්රි මහතා තමන් වෙත උපදෙස් දුන් බවයි අධිකරණ අමාතයංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම සඳහාවන නීතියක් සම්පාදනය කිරීමට උනන්දු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුභසිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීම මිස භාෂණයේ නිදහසට බාධා කිරීමට නොවන බවද අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

Related posts

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

Mohamed Dilsad

ජනපති – පැට්‍රිෂියා අතර හමුවක්

Mohamed Dilsad

හර්ෂ – දිලුම් – හිස්බුල්ලා ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment