දේශීය

කුමාරිඇල්ලේ අතුරුදන් වූ දැරියකගේ සිරුර සොයා ගැනේ

(UTV | රත්නපුර) – හංවැල්ල, කුමාරිඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ 14 හැවිරිදි දැරියක⁣ගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (30) රාත්‍රියේ සිදුකළ මෙහෙයුම් අතරතුර එම සිරුර හමුවූ බවය. අතුරුදන් වූ සෙසු පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.

14 හැවිරිදි දැරියන් දෙදෙනෙකු සහ 29 හැවිරිදි තරුණියක් දියේ ගිලී එලෙස අතුරුදන් වූයේ ඊයේ (30) පස්වරුවේදීය.

ඔවුන් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

Related posts

ගම්පහ ඇඳිරි නීතිය කඩකළ 167 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිස්ත්‍රික්වල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත

Editor O

රාජකාරී සඳහා පිටත්ව යන ජනතාවට ලංගමයෙන් නව බස් රථ සේවාවක්

Mohamed Dilsad

Leave a Comment