දේශීය

රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – හෙට (03) සිට රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊට අදාළ උපදෙස් මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙනවා.

නව වසර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් කෘෂිකාර්මික, කාර්මික, ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කටයුතු සඳහා රජය වෙන්කර ඇති අතර, ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය ඉතා වැදගත් වන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළේ.

ඒ අනුවයි හෙට සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවනු ලබන්නේ.

හෙට උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබාදී රාජකාරී කටයුතු ආරම්භ කරන අතර, වෛද්‍යවරයෙකුගේ දේශනයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙසද දන්වා තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.

Related posts

මෙරට සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවයි

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

Mohamed Dilsad

භූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක්

Mohamed Dilsad

Leave a Comment