ගොසිප්

ලංකාව ගොඩදාන්න ඉන්දියාවෙන් කෝටි 100ක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක (රුපියල් බිලියනයක) ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත.

එම ණය මුදල මුදල් වශයෙන් නොව ,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇති බව පැවසේ. මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත .

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.

Related posts

පසුගිය තරඟය ගැන මාලිංග කියන දේ

Mohamed Dilsad

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ්

Mohamed Dilsad

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?

Mohamed Dilsad

Leave a Comment