ක්‍රීඩා

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

(UTV |  ඕස්ට්‍රේලියා) – ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා.

සිඩ්නි හිදි ලබන 05 වනදා ආරම්භවීමට නියමිත අලුබඳුන 04 වන ටෙස්ට් තරගයේදී සමාජ සුභ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද ඔහු සැළසුම් කර තිබුණා.

ඒ ග්ලෙන් මැක්ග්‍රාත් ගේ බිරිඳ වන පියයුරු පිළිකා රෝගයකින් මියගිය ජේන් මැක්ග්‍රාත් වෙනුවෙන් තරගයේ 03 වන දිනය නම් කර තිබිම හමුවේයි.

හිටපු පන්දු යවන්නාගේ තත්වය අසාධ්‍ය නොවන අතර ඔහු මේ වනවිට හුදකලා කර තිබෙනවා.

තරගයේ 03 වන දිනයේ වැඩසටහන් සඳහා ඔහු සහභාගී වනු ඇති බවටද වාර්තා පළවනවා.

Related posts

ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දෙයි

Mohamed Dilsad

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment