දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය අද සිට යළි වසා දැමෙනවා.

ඒ, විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමේදී මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන්.

තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුල ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කෙරෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 15 වනදා වසා දැමුණු අතර, එය දින 22කට පසු යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 7 වනදායි.

අද දිනයේ වසා දැමෙන තෙල් පිරිපහදුව මේ මස අවසානය වනවිට යළි විවෘත කිරීමට හැකියාව පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන

Mohamed Dilsad

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment