දේශීය

අද සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට

(UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සිදු වනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.

නව වසර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් කෘෂිකාර්මික, කාර්මික, ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කටයුතු සඳහා රජය වෙන්කර ඇති අතර, ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය ඉතා වැදගත් වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පෙන්වා දෙනවා.

ඒ අනුවයි අද සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවා ඇත්තේ.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයක දී රාජ්‍ය සේවකයින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.

මේ අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුයුක්ත සේවයේ නිරත ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,022කගේ විධිමත් රාජකාරී ලැයිස්තුව අද සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

2013 වසරේ සිට ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සේවා වසම් වෙත යොමු කළ ද ඔවුන්ට නිසි රාජකාරී ලැයිස්තුවක් නො මැති වීමෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා.

දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51,000 රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස අද සිට නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන බව රාජ්‍ය සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පුහුණුව සම්පූර්ණ කළ 42,500කගේ සේවය මුල් අදියරේ දී ස්ථිර කිරීමට නියමිත බවයි මීට පෙර රජය ප්‍රකාශ කළේ.

අනෙක් පිරිස අප්‍රේල් 01 වැනි දා ස්ථිර කිරීමට නියමිත යි.

Related posts

IOC ඉන්ධන අඛණ්ඩව..

Mohamed Dilsad

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

Mohamed Dilsad

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ට විශේෂ මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment