Trending News

චීනය සහ ඉන්දියාව අතර ශ්‍රී ලංකාව හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වීම පිළිබඳ නිරීක්ෂක අවධානය

(UTV | කොළඹ) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු කරන ලද මහා පරිමාණ යුධ අභ්‍යාස, ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව සහ චීනය අතර හටගනු ඇති බවට අනුමාන කරන අනාගත දේශපාලන බල අරගලය සහ ශ්‍රී ලංකාව තුළ වත්මනයේ පවත්නා චීන ආධිපත්‍යය අඩු කරමින් ඉන්දීය ආධිපත්‍යය වැඩි වීම පිළිබඳ නිරීක්ෂකයන්ගේ අවධානය දැන් ශ්‍රී ලංකාව මෙන්ම කලාපීය දේශපාලන බල අරගලය දෙසට යොමුවීමට පටන්ගෙන තිබේ.

චීනය නව උපායමාර්ගයන් අනුගමනය කරමින් රටේ උතුරු ප්‍රදේශවලට සමීප වීමට උත්සාහ කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය, විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාවය දෙරටේ සමීප සහ පොදු සංස්කෘතීන් විසින් මෙහෙයවනු ලබන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

ඉන්දීය යුද්ධ හමුදා භටයින් 120 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙමේන්තුවේ භටයින් 120 දෙනෙකු සහභාගි වූ ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසය නැගෙනහිර පිහිටි අම්පාර දිස්ත්‍රික්කයේදී ආරම්භ කර තිබු අතර, ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයන් දින-12 ක් පුරාවට අති සාර්ථකව පවත්වා තිබේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ஆர்ப்பாட்டம் காரணமாக கொழும்பு, மைட்லேண்ட் பிளேஸில் போக்குவரத்துக்கு பாதிப்பு

Mohamed Dilsad

பாதிக்கப்பட்ட பிரதேச கழிவுகளை அகற்ற முறையான வேலைத்திட்டம் –ஜனாதிபதி

Mohamed Dilsad

තමන් විල්පත්තු ඇමති වූ හැටි ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment