දේශීය

බස් ගාස්තු අද සිට ඉහළට

(UTV | කොළඹ) – සියයට 17.44 ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

පෞද්ගලික බස් මෙන්ම ලංගම බස් සදහාද මෙම නව ගාස්තු ක්‍රමය අදාල වනු ඇති.

ඒ අනුව රුපියල් 14 ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17 දක්වා ඉහළ යනවා.

රුපියල් 1109 ක්ව පැවති වැඩිම බස් ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 1303 දක්වායි.

අනුමත ගාස්තුවට වඩා වැඩියෙන් අය කරන පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිසම නිවේදනය කළේ.

Related posts

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

ගුරු – විදුහල්පති වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

Leave a Comment