දේශීය

රනිල්, කථානායකගෙන් කළ විශේෂ ඉල්ලීම

(UTV | කොළඹ) – එළඹෙන 18 වනදා පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන මූලාසන කතාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට පසුගිය දෙසැම්බර් 13 වනදා තීරණය කළ අතර ජනවාරි 18 වනදා පාර්ලිමේන්තුවේ මීළඟ වාරය නැවත ආරම්භකිරීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය ජනවාරි 19, 20 හෝ 21 යන දිනවලදී පැවැත්විය හැකි බවයි.

Related posts

විගමනික ශ්‍රමිකයින්ට සහන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

අද සවස පහේ සිට කැලණිතිස්ස විදුලි ජනනය නවතියි

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 74,000 ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment