Trending News

මානව නිදහස් සීමා කරමින් හොංකොං හි පනවා තිබෙන ජාතික ආරක්ෂක නීතිය හරහා බලපෑම්

(UTV | කොළඹ) – නොයෙකුත් විවේචනයන් මධ්‍යයේ නොයෙකුත් රාජ්‍යයන් සහ කලාපයන් කෙරෙහි තම බලපෑම ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින චීනය අභ්‍යන්තර හා බාහිර බලපෑම් නොතකා නිරන්තරයෙන්ම උපායමාර්ගික පැවැත්මක් සහිත ලෝක ව්‍යාප්ත බලවතෙකු ලෙස නැගී සිටීමට අඛණ්ඩ ප්‍රයත්නයක යෙදෙමින් සිටී.

බීජිං රජය විසින් හොංකොං හි පනවන ලද හොංකොං ජාතික ආරක්ෂක නීතිය (NSL) එයට කදිම නිදසුනකි; නීතිය ක්‍රියාවට නැංවීව වසරක් ගතව තිබෙන අතර, මෙම නීතිය බලාත්මක කිරීමෙන් හොංකොං හි නිදහස සිමා කරමින් මානව දැඩි අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වී තිබෙන බවට නොයෙකුත් රටවල් සහ සංවිධානයන් තරයේ අවධාරණය කරමින් සිටින අතර 2021 ජුනි මාසයේදී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කරන ලද පර්යේෂණක් මගින්ද එය තව දුරටත් තහවුරු කර තිබේ.

ඒ කෙසේ නමුත්, හොංකොං චීනයේ කොටසක් නිසා, එය හුදෙක් චීනයේ අභ්‍යන්තර ගැටළුවක් වන බැවින් එහි ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා නීති පැනවීමට මෙන්ම බලාත්මක කිරීමට චීනයට අයිතියක් තිබෙන බවට මෙම ජාතික ආරක්ෂක නීතියට (NSL) සහයෝගය දක්වන්නන් පෙන්වා දෙයි.

බාහිර මට්ටමින් එල්ලවන බලපෑම් සහ ඉලක්කයන් යථාර්තයට පටහැනි දෙයක් බවත්, හුදෙක් අවධානයන් වෙනතකට යොමු කරමින් ගෝලීය බලවතුන් අතර පවත්නා කලාපීය බල අරගලය සහ තරඟය පමණක් මෙහි යථාර්තය වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

Special train service during school vacation

Mohamed Dilsad

மாணவர்களது புத்தக பையின் எடையை குறைப்பதற்காக விசேட திட்டம்

Mohamed Dilsad

David Cameron: Johnson and Gove behaved ‘appallingly’

Mohamed Dilsad

Leave a Comment