දේශීය

විදුලි අර්බුදය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙසක්

(UTV | කොළඹ) – ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් වේ. ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද නිලධාරීහු මෙහිදී සඳහන් කළා.

පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරු සඳහන් කළා.

අමාත්‍ය ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

තෙල් නැව ගැන ගතයුතු තීරණයක් පිළිබඳව නීතිපතිගේ අවධානය

Mohamed Dilsad

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ඉදිරි පැය 24 තුළදී ප්‍රදේශ කීපයකට ධාරාණිපාත වැසි

Mohamed Dilsad

Leave a Comment