දේශීය

ආසන වෙන් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතට

(UTV | කොළඹ) – ඉදිරි දින වෙනුවෙන් කලින් ආසන වෙන් කිරීමේ කාර්යයන් අද (12) දින සිට සිදු නොකරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, දෛනිකව ධාවනය වන දුම්රිය සඳහා පමණක් ආසන වෙන් කිරීමේ කටයුතු සිදුකරන බවයි, එම සංගමය නිවේදනය කළේ.

දුර ගමන් සේවා දුම්රිය ධාවනය නිසි ලෙස ආරම්භ කිරීමට බලධාරින් අපොහොසත් වීම හමුවේ දුම්රිය මගින් පත්වන අපහසුතාවය සලකා බලා මෙම තීරණයට එළඹි බව, දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 361ක් අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප අර්බුද විසඳන්න අදත් සාකච්ඡා

Mohamed Dilsad

ජනතාවගේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න, රට වෙනුවෙන් නිවැරැදි තීරණය ගත්තා- පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමරසිංහ

Editor O

Leave a Comment